දේශීය පුවත්
කතානායක ධුරයට රාජපක්ෂ පුතෙක් යෝජිත වෙයි

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන පත් නොකර මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ පත් කිරීමට යෝජනා වී තිබෙනවා.
ඔහු මෙවර මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැද මනාප ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස තේරී පත්ව සිටිනවා.
ඔහු මීට පෙර ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
ඔහුගේ පියා වන චමල් රාජපක්ෂ ද මීට පෙර පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හොබවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පත් කිරීමට නියමිත යැයි ද මීට පෙර වාර්තා පළ වුණා.
නව පාර්ලිමේන්තුව එළඹෙන 20 වනදා රැස්වීමට නියමිතයි.