විදෙස් පුවත්

ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නයි

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පර්යේෂණ සිදු කරන ලද කොරෝනා වෛරස එන්නත ආරක්ෂිත සහ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ දමන බවට පෙනි යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සිදුකළ අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත මඟින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී-සෛල නිපදවීමට හැකිවන බවය.

මෙම සොයාගැනීම් අතිශයින්ම යහපත් බවත් මෙම එන්නත මගින් වෛරසයෙන් ආරක්ෂා වීමට තරම් හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදු කරමින් පවතී.

මෙම එන්නත මගින් සිදුකළ පළමු සායනික අත්හදා බැලීම සාර්ථක බවට හෙලීවිමත් සමග බ්‍රිතාන්‍ය විසින් දැනටමත් එන්නත් මිලියන 100 ක් ඇණවුම් කර ඇති බවය.

ChAdOx1 nCoV-19 නමින් හැඳින්වෙන මෙම එන්නත පෙර නොවූ විරූ වේගයකින් සංවර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button