තරු හුට පට

“ඒ වගේ මෙගා නාට්‍ය අපිට ගැලපෙන්නේ නෑ” නලීන් ප්‍රදීප් ඉන්දීය කතා වලට දෙහි කපයි

පුංචි තිරය රිදී තිරය විතරක් නෙවෙයි වේදිකාවෙන් පවා සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට සමත්වුණු, රංගන ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් සමුදායක් ලබාගෙන තියන අපූරු අසහය කලාකරුවා තමයි ඔයාලා හැමෝම ආදරය කරන ප්‍රවීන ජනප්‍රිය රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල කියලා කියන්නේ.

ඉතින් අද ඊයේක ඉදන් නෙවෙයි දශක ගණනාවක ඉදලා කලා ක්ෂේත්‍රයේ වැජඹෙන අද්විතීයිය කලාකරුවෙක් තමයි, නලීන් ප්‍රදීප් උඩවෙල කියන්නේ.

ඔන්න ඉතින් මේ දවස්වල ඔහු “රේස්” ටෙලි නාට්‍යයේ වගේම “ඉරට ළඟ මිනිස්සු” ටෙලි සිත්තමේත් හරි අපූරුවට රංගනයේ යෙදෙනවා, නලීන් ප්‍රදීප් උඩවෙල මේ අපූරු කලාකරුවාට ආදරය කරන ඔයලාට නරඹන්නට පුලුවන් කදිම අවස්ථාවක් තමයි උදාවෙලා තියෙන්නේ.

එදා කලා නිර්මාණයන්ගෙන් ලබපු තෘප්තිය අද ලැබෙන්නේ නැති නිසා හිතේ පොඩි දුකක් තියනවා කියලා කියන මේ අපූරු කලාකරුවා, “අද හොඳ නිර්මාණයක් වුණත් වාණිජකරණය වෙලා, කිමිනිස්සු යාන්ත්‍රික වෙලා, ඉතින් හොද අධ්‍යක්ෂවරයෙකුට පවා ඒ ගොලේලොන්ගේ නිර්මාණ එළි දක්වන්නට තත්වයක් නෑ කියලත්,

සියල්ලෙහිම මිල ඉහළ ගියා වුණත් රංගන ශිල්පියාට වටිනාමක් එකතුවීම බෙහෝ සෙයින් අඩු වෙලයි කියලත් ඒ ගැන කණගාටුයි” කියලත් නලීන් ප්‍රදීප් උඩවෙල ඔන්න ඔහොම තමයි කණගාටුවන් නමුත් කියන්නේ නම්.

“රූගත කිරීම් එහෙම කරද්දී දවසකට සීන් 25-30ක් ගියත්, ඉතින් ඉස්සර “එපිසෝඩ්” එක්කට මුදල් ගෙවුවා වුණත්, අද වෙද්දී ගෙවන්නේ “දිනකට කම්කරුවෙකුට ගෙවන ගාන” තමයි රංගන ශිල්පීන්වන නලීන්ලාට ලැබෙන්නේ කියලත්, සමහරවෙලාවල් වලට රංගන ශිල්පීන්ට හරියට රංගන කටයුතුවල දායක වෙන්නවත් වෙලාවක් ලැබෙන්නේ නෑ කියලත්,

ඔන්න ඉතින් මුලදී හොදයි කියල හිතපු නිර්මාණවලට හරි ආසාවෙන් දායක වෙලා පස්සේ මැදක් හරියේදී ඒවාගෙන් ඔහු අයින් වුණා කියලත්, එහෙම නිර්මාණවලට එනවාට වඩා පොලුයි සම්බොලුයි බතුයි කලා ජිවත් වෙනවා නම් ඊට හොදයි” කියලත්, නලීන් උඩවෙලයන් හරි අපූරුවට තමයි කියන්නේ.

ඉතින් කොවිඩ් එකත් එක්ක දැනට තියන ටෙලි නිර්මාණයන් මඟ නතර වෙලා තියනවා කියලත්, ඒ කොහොම වුණත් “පොඩි විජය”ගේ චරිතයත් එක්ක නිර්මාණය වෙන සිනමා පටයේ “මුහුරත් උළෙල” නම් තිබ්බා වුණත්, දැන් උදාවෙලා තියන තත්ත්වෙත් එක්ක රූපගත කිරීම් එහෙම නැවතිලා” තියෙන්නේ කියලත්, ඔහු කියනවා.

ඉතින් නලීන් අදටත් ආදරය කරන “වේදිකාව” තුළ, නලීන්ගේ අතීතය ගැන කියනවා නම්, ඔහු එදා තරුණ සේවා සභාව හා ටවර් හෝල් පදනමේ ප්‍රවීනයන් වුණු සුගතපාල ද සිල්වා, බිටීෂියා ගුණවර්ධන, හෙන්රි ජයසේන වාගේ කලාවේ දැවැන්තයින් යටතේ තමයි වැඩ කටයුතු කරලා තියෙන්නේ නම්.

ඉතින් ඒ වගේම “ඒ දැවැන්තයින් යටතේ වැඩ කරපු අවසන් පුරුක නලීන්ලා එහෙම වෙන්න ඇති කියලත්, දයා අල්විස්, ජෝ අබේවික්‍රමයන් ද ඒ කාලේ දර්ශන තලයේ රඟපාද්දී, ඒ කාලේ හොඳට බලාගෙන හිටියා ඔවුන් රඟපාන අයුරු එහෙම කියලත්, ඉතින් ඒ හැම දේත් එක්කම රංගන ජීවිතේට ලොකූ දැනුමක් ලබා ගන්නට හැකි වුණා කියලත්,

ඒ කොහොම වුණත් වර්ථමානයේ නම් එහෙම දේවල් දකින්නට වත් ලැබෙන්නේ නෑ, දැන් අය තමන්ගේ සීන් එක් ඉවර වුණාම නැතුවම බැරි ෆෝන් එක හොයාගෙන තමයි යන්නේ එහෙමත් නැත්නම් ඔවුන් වෙනත් සිහින ලෝකවල ඉන්නේ කියලත් කියලත්,

ඉතින් එදා කලාවේ තිබ්බ සහයෝගය අද පේන්නට නෑ, වර්ථමානයේ මෙගා නාට්‍යය රැල්ලක් තමයි දකින්නට ලැබෙන්නේ කියලත්, ඒක මහා විනාශයක්නේ නාලිකා ආයතන ප්‍රධානින්ට ඒ ගැන වැටහීමක් තියෙන්නට ඕනේ වගේම, මිනිස්සුන්ට ඒ දේවල් අප්‍රිය වෙලා තියෙන්නේ,

“ඉන්දියාවේ සිහින ලෝකවල නිර්මාණය වන මෙගා නාට්‍යය” අපේ රටට කිසිසේත්ම ගැලපෙන්නේනේ නෑ නේ, සාක්ෂරතාවය 90%ක් තියෙන අපේ රටේ ප්‍රේක්ෂකයෝ එහෙම ඔලමොට්ටල නෑ නේ” කියලත් ඔන්න ඔහොම තමයි නලීන් ප්‍රදීප් උඩවෙල අසහාය අපූරු රංගධරයා කියන්නේ නම්.

Back to top button