එස්.අයි.ප්‍රේමලාල් – වෙලේ සුදා අතර දුරකථන සංවාද 1000ක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්යය බළකායේ උප පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටින වෙලේ සුදා සමග දුරකථන සංවාද 1000කට වඩා පවත්වා ඇති බව තහවුරු වී තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරමට අදාළ නඩුව ඊයේ (31 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දුන්නේය.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 18 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකු වන කළුපහනගේ අජිත් ප්‍රේමලාල් යන අය සැකපිට අත්අඩංගුවට ගත්තා.
එම සැකකරු හෙරොයින් ජාවාරමට සම්බන්ධ වෙලා වැඩකර තිබෙනවා. එම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා, හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා බන්ධනාගාරගතව සිටියදී දීර්ඝ වශයෙන් සමීප සම්බන්ධතා පවත්වා තිබෙනවා.
එමෙන්ම වෙලේ සුදා බන්ධනාගාරගතව සිටියදී උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්, ඔහුගෙන් බාධාවකින් තොරව තොරතුරු ලබාගෙන තිබෙනවා.
එමෙන්ම වෙලේ සුදා සහ උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් අතර ඇතැම් දුරකථන සංවාද දීර්ඝ වේලාවක් පැවැති බවද අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් අධිකරණය වෙත දන්වා සිටියේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරමට අදාළ නඩුව ඊයේ (31 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දුන්නේය.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 18 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකු වන කළුපහනගේ අජිත් ප්‍රේමලාල් යන අය සැකපිට අත්අඩංගුවට ගත්තා. එම සැකකරු හෙරොයින් ජාවාරමට සම්බන්ධ වෙලා වැඩකර තිබෙනවා. එම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා, හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා බන්ධනාගාරගතව සිටියදී දීර්ඝ වශයෙන් සමීප සම්බන්ධතා පවත්වා තිබෙනවා. එමෙන්ම වෙලේ සුදා බන්ධනාගාරගතව සිටියදී උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්, ඔහුගෙන් බාධාවකින් තොරව තොරතුරු ලබාගෙන තිබෙනවා.
එමෙන්ම වෙලේ සුදා සහ උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් අතර ඇතැම් දුරකථන සංවාද දීර්ඝ වේලාවක් පැවැති බවද අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් අධිකරණය වෙත දන්වා සිටියේය.
ඉෂාර රත්නකාර – අරුණ
tiktok takipçi satın al