දේශපාලන පුවත්

එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන කෙනා රනිල් තීරණය කරයි

Ranil decides who will go to parliament from the UNP national list

පුරප්පාඩුව තිබෙන එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ ජේෂ්ඨයෙකු වූ ජෝන් අමරතුංග මහතාට ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එජාප ජාතික ලයිස්තුවේ මුලින්ම තිබෙන්නේ ජෝන් අමරතුංග මහතාගේ නමය.

AV Rase

මහ මැතිවරණය අවසන් වී මාස එක හමාරකට වැඩි කාලයක් ගතව ඇති මුත් තවමත් එජාපය සිය ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා පත් කර නොමැත.

පුරප්පාඩුව තිබෙන මෙම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මහ මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයින් 05 දෙනෙකු පමණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පුද්ගලිකවම ඉල්ලීම් කර තිබෙන බව නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද තහවුරු කොට තිබේ.

එහෙත් ඒ ඉල්ලීම් නොසලකා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ප්‍රමුඛතාවයට ඉඩ දීමට වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button