දේශපාලන පුවත්

එජාපය නව නායකයෙක් සොයන්න තීරණයක් කරයි

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා වේ.

පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඊයේ (07) පැවති සාකච්ජාවකදී ඒ පිළිබද අවධානය යොමුව ඇති බවය.

AV Rase

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර, ඒ අතරින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත් කිරීම සදහා පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ඉදිරි සතියේ දී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කිරීමටද නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් සහ පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සාකච්ජාවක් ඊයේ (07) පැවැත්වුණා.

එහිදි රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන්ට දිගින් – දිගටම නායකත්වයේ රැදී සිටීමට අවශ්‍යතාවක් නැති බවය.

තවත් වසර 3 ක් යන තෙක් ව්‍යවස්ථානුකූලව තමන්ට පක්ෂ නායකත්වය දැරීමට හැකියාව ඇති බවත් නායකත්වය භාරදීමට සුදුසු පුද්ගලයෙකු පක්‍ෂය තුළ සිටී තමන් එය භාරදීමට සූදානම් බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

නායකත්වයට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණ තමන්ට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසට ද රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button