එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වජිරට?

මැතිවරණ පරාජය හමුවේ ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී පරාජයට හේතු කතා කරනවාටත් වඩා ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට කරන්නේ කුමක්ද යන්නය.
ඇතැමුන් පවසා ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටම එය ලබා ගන්නා ලෙසය.

එහෙත් රනිල් වික්‍රමසිංහ එය ප්‍රතික්ෂේප කර ඇත.
තවත් පිරිසක් පවසා ඇත්තේ එය ආශු මාරසිංහට ලබා දිය යුතු බවය.
එහෙත් වජිර අබේවර්ධන පවසා ඇත්තේ පැරදුනු මන්ත්‍රීන්ගේන් පක්ෂයට ලැබුනු මනාපවලින් වැඩිම ප්‍රතිශතයක් හිමිකරගත් ඊළග පුද්ගලයාට එම ආසනය ලබා දිය යුතු බවයි.ඔහු නොකියා පවසා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ තමාට එය හිමි විය යුතු බවය.
එහෙත් ගාල්ලේ මනාප ලැයිස්තුවල වජිරවත් අභිබවා වෙනත් අපේක්ෂකයින් මනාප අරගෙන ඇති බව එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටි පිරිස් පවසයි.
එජාපය ගාල්ලෙන් 5% ක්වත් ලබා නොගත් නිසා මනාප ගණන් කිරීමක් නොකළද එජාප ලැයිස්තුවේ සිටි සුනිල් සේනානායක වැනි අපේක්ෂයන් වජිරටත් වඩා මනාපවලින් ඉදිරියෙන් සිටියේය.
රවී කරුණානායකත් නවීන් දිසානායකත් දයා ගමගේත් මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රධූරය සදහා දැඩි සටනක නියෙලෙමින් සිටි.