එකම ගුවන් යානයෙන් කටාර් සිට පැමිණි 54 දෙනෙක්ට කොරෝනා ආසාදනය වෙයි

කටාර් සිට පැමිණ නිරෝදායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් 22 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසේ.

ඒ සමග මෙරට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3071ක් දක්වා ඉහළ යනු ඇත.

කටාර් සිට පැමිණි තවත් පුද්ගලයින් 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනයේදී තහවුරු වූ අතර කටාර් සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකුට ඊයේ පෙරවරු 10 සිට අද පෙරවරු 10.00 කාලය තුලදී කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පසුගියදා කටාර් සිට දිවයිනට පැමිණි මෙම ගුවන් යානයේ ගුවන් මගීන් 398 දෙනෙකු සිට ඇති බවය.

ඊයේ දිනයේදී ද මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වූ අතර එම පිරිස අතර මුහුදු නෞකා ආරක්ෂකයින් ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු ද ඒ අතර සිටී.

සෙසු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 02ක් හා කටාර් සිට පැමිණි පුද්ගලයින් 32 දෙනා ඇතුළත්.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගෙන් මේ වන විට පුද්ගලයින් 2868 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 191ක් වනවා.

Exit mobile version