දේශීය පුවත්
උසස් පෙළ සිසුවියට පිළිතුරු කියාදුන් විභාග ශාලා පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග අපේක්ෂිකාවකට විභාග ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපයීම සඳහා වංචනිකව උපකාර කළ විභාග ශාලා පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාද්දූව මධ්‍ය මහ විද්‍යාලයේ ස්ථාපිත කර ඇති විභාග ශාලාවේ ඊයේ (16) පැවති ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට පිළිතුරු සැපයීමට අදාළ ශාලා පරීක්ෂකවරයා වංචනිකව උපකාර කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අතිරේක විභාග ශාලාධිපතිවරිය පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ නිර්දේශ මත සැකකරු අද (17) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම අදාළ අපේක්ෂිකාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළේය.