උසස් පෙළ සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ගැටළු දැනුම්දීමට ක්ෂණික දුරකථන අංකයක්

කවර හෝ හේතුවක් මත කිසියම් විභාග මධ්‍යස්ථානයක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින්, වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් හෝ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලැබී නැත්නම් වහාම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
එවැනි දැනුම්දීම්, ක්ෂණික ඇමතුම් අංකය වන 1988ට දන්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

ඔක්තෝබර් මස 12 වැනි දින සිට ආරම්භ කෙරුණු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 06 වැනි දින තෙක් විභාග මධ්‍යස්ථාන 2648 ක දී පැවැත්වේ.
අයදුම්කරුවන් 362,824ක් මෙවර විභාගය සඳහා අයදුම් කර ඇති අතර, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකරමින් විභාග කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇතැයි ද එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
එමෙන් ම විභාගයට පෙනීසිටින සියලු දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන්හි විශබීජහරණ කටයුතු සහ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට අදාළ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යේෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස ද පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.