විදෙස් පුවත්

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්, ප්‍රංශ හමුදා අප්‍රිකානු මාලි රාජ්‍යයේ සිදුකළ මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය වන ෆ්ලෝරන්ස් පාලි, ප්‍රකාශ කළේ ඔහු සමඟ තවත් අල්ඛයිඩා අනුගාමිකයන් රැසක් ජීවිතක්ෂයට පත්වූ බවයි.

AV Rase

මාලි රාජ්‍යයේ ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේදී ප්‍රංශ හමුදා මෙහෙයුම ක්‍රියාත්මක වූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඉස්ලාමීය මුගාරෙබ් අල්ඛයිඩා හෙවත් ඒ.කිව්.අයි.එම්. ලෙස හදුන්වන උතුරු අප්‍රිකානු අල්ඛයිඩාවරුන්ට අප්‍රිකානු උප සහරා කලාපයේදී බටහිර ජාතිකයන් පැහැර ගැනීම සහ ඔවුන් වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවා.

ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය සඳහන් කළේ අල්ඛයිඩා උතුරු අප්‍රිකානු මෙහෙයුම් ද මේ අනුව අක්‍රිය වනු ඇති බවයි.

1990 දශකයේ අග භාගයේදී අල්ඛයිඩා ඉස්ලාමීය මුගාරෙබ් සංවිධානය ආරම්භ කළේ ඇල්ජීරියානු ඉස්ලාමීය අන්තවාදීන් විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button