දේශීය පුවත්
උත්සව සමය වෙනුවෙන් නිමි ඇදුම් ගෙන්වීමට රජයෙන් අවසර

උත්සව සමය ඉදිරියට යෙදෙන බැවින් දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම්වල ඉල්ලීම අනුව නිමි ඇඳුම් ආනයනයට රජය තාවකාලික අවසරයක් ලබාදුන් බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
නිමි ඇඳුම් ආනයනය කරන්නන් දින 90ක ණය පහසුකම යටතේ ඒවා ආනයනය කළ යුතු යැයි කොන්දේසියක් රජය විසින් පනවා තිබේ.

ඊට හේතුව මෙරට විදේශ මුදල් එකවර විදේශීය රටවලට ඇදීයාම වැළැක්වීම බවද ප්‍රකාශ වී තිබේ.
නිමි ඇඳුම්වලට අමතරව දේශීය කර්මාන්ත සඳහා අත්‍යවශය යම් යම් රසායන ද්‍රව්‍ය කිසියම් කාලසීමාවකට යටත්ව ආනයනයට අවසර දුන් බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කළේය.