දේශීය පුවත්
උණවටුන උප දුම්රිය ස්ථානය අදට වසා දැමේ

උණවටුන දුම්රිය ස්ථානය අද (13) තාවකාලිකව වසා දමා තිබේ.
දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කොවිඩ් – 19 වෛරස ආසාදිතයකු සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ස්ථානාධිපතිවරයා ඊයේ (12) දින පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහු කොවිඩ්-19 වෛරස ආසාදිතයකු නොවන බවයි.
අද (13) පෙරවරුවේ දුම්රිය ස්ථානය විෂබීජහරණය ලක්කර සාමාන්‍ය පරිදි සේවය පවත්වාගෙනයාම සඳහා කටයුතු සුදානම්කර තිබෙනවා.
වෛරස ආසාදිත පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයකර නිවසට පැමින සිටි හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේවෙතත් ස්ථානාධිපතිවරයාට දින 14ක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබේ.