දේශීය පුවත්

ඊයේ දිනයේදී තවත් නව ආසාධිතයින් 57ක් හමුවෙයි – සමස්ථ රෝගීන් ගණන 2511 දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් ගණන ඊයේ (12) මධ්‍යම රාත්‍රිය වන විට 2500 සිමාව ඉක්මවා ගොස් තිබුණා.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව කොරෝනා ආසාධිත රෝගීන් 57 දෙනෙක් වාර්තා වූ අතර ඒ සමඟම සමස්ථ රෝගීන් සංඛ්‍යාව 2511 දක්වා ඉහළ ගොස් ඇත.

AV Rase

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි සිව් දෙනෙක් සහ කුවේට් සිට පැමිණි එක් අයෙක් පළමුව ඊයේ දිනයේ දී හඳුනා ගැනුනා.

ඉන් අනතුරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් සමීප ඇසුරු කළ පස්දෙනෙක් ද හඳුනාගත් අතර එම පුද්ගලයින් රාජාංගනය, හබරාදූව, වැලිකන්ද සහ ලංකාපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මේ අතර රාජාංගනය ප්‍රදේශයෙන් තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙක් හඳුනා ගැනුණු අතර ඔවුන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාධිත රෝගීන් සමීපව ඇසුරු කළ අය බවට වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට දිවයින පුරා කොවිඩ්-19 රෝගීන් 520 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් 1980 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button