දේශීය පුවත්
ඊයේ ආසාදිත මාධ්‍යවේදියාට කොරෝනා නැහැ – දෙවන PCR වාර්තාව තහවුරු කරයි

රජයේ මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියෙකුට කොරෝනා නොමැති බවට ඊයේ දින කරන ලද දෙවන PCR පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
අදාළ මාධ්‍යවේදියා 2020.10.13 වන දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ අතර එදින මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් හට බාහිර සමාජ සමග ආස්‍රයන් නවතා හුදකලා වී නිවෙස් වලට වී සිටින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ඊයේ දන්වා සිටියා.