ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 300කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.
ඒ ඊයේ (22) දිනයේ දී අවස්ථා දෙකක දී වාර්තා වූ ආසාදිතයින් 309 දෙනා ද සමගය.
ඒ අනුව ඊයේ දිනයේ අවසන් වරට ආසාදිතයින් 259 දෙනෙකු හඳුනා ගැණුනු අතර ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල ආශ්‍රිතව සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී හඳුනාගත් ආසාදිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
මීට අමතරව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 75 දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින දෙදෙනෙකු ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ආශ්රිත කොවිඩ් පොකුරින් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 2,816ක් වේ.
මේ අතර අද (23) උදෑසන “දෙරණ අරුණ “සමග එකතු වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පිළිබඳ මෙසේ අවධාරණය කළේය.
“ඊයේ දවසේ කොවිඩ් 19 ආසාදිතයින් 309 දෙනෙක් වාර්තා වුණා. ඒ වාර්තා වුණ අයගෙන් විශේෂයෙන්ම සැළකිල්ලට ගත යුතු වන්නේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් 188 දෙනෙක් වාර්තා වීමයි. ඒ සමග නිරෝධායන මධ්‍යස්ථානවලින් 24 දෙනෙක්. කොළඹින් 31 දෙනෙක්. ගම්පහ මේ වන විටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ප්‍රදේශවලින් 40 දෙනෙක්. සැළකිය යුතු ප්‍රමාණයක් ලෙස 14 දෙනෙක් වාර්තාවෙනවා කුලියාපිටිය ප්‍රදේශයෙන්. ඊට අමතරව පිටස්තරයින් ගාල්ලෙන් 9 දෙනෙක් සහ අනුරාධපුරයෙන් දෙදෙනෙක් හැටියත් වාර්තා වෙනවා. ඒ අතර බේරුවල ප්‍රදේශයෙනුත් කිහිපදෙනෙක් වාර්තා වී තිබෙනවා.“