දේශීය පුවත්

ඉරානයේ සිට පැමිණ ගාල්ලේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි අයෙකුටත් කොරෝනා

ඉරානයේ සිට නෞකාවකින් ගාලු වරායට පැමිණ ගාල්ලේ හෝටලයක නිරෝධායනයට යොමුකර සිටි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කරන ලද PCR පරික්ෂණයේ දි තහවුරු වී තිබෙනවා.

මොහු නෞකාවලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂකයකු බවයි වාර්තා වන්නේ.

සේවය අවසන් වීමෙන් පසු ඉරානයේ සිට යාත්‍ර කරමින් තිබු නෞකාවකින් පැමිණි මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකු ඉකුත් 07 වැනි දින ගාල්ල වරායෙන් ගොඩ බැස ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම මුහුදු ආරක්ෂකයින් තිදෙනා ශ්‍රී ලාංකිකයින් වත අතර මොවුන් ගාල්ල වරාය තුළදි PCR පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා.

මොවුන් තිදෙනා යලි නෞකාවක සේවයට වාර්තාකරන තෙක් මාගාල්ල ප්‍රදේශයේ හෝටලයක නතර වී නිරෝධායනය වෙමින් සිට ඇති අතර PCR පරීක්ෂණ වල දි ඉන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (08) රාත්‍රී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම මුහුදු ආරක්ෂක නිලධාරියා අද (09) අලුයම කොළඹ අයි.ඩී.එච් රෝහලට පිටත් කර යැවීමට ගාල්ල වරාය පොලිසිය කටයුතු කර තිබෙනවා.

මොවුන් නතර වී සිටි හෝටලයේ දැනට මාස 03ක කාලයක සිට ඉන්දියානු මුහුදු ආරක්ෂක නාවිකයින් සිව්දෙනෙකු ද නතර වී සිටින අතර ඔවුන් හා අදාළ හෝටලයේ කාර්ය මණ්ඩලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට කිරීමට තීන්දු කොට ඇති බවයි ගාල්ල වරාය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button