දේශීය පුවත්

ඉදිරි පැය 36 තුළ වැස්ස වෙනස්වනහැටි මෙන්න – කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36 තුළ වැස්ස වෙනස්වනහැටි මෙන්න – කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය තිස් හයේත් පළාත් රැසකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල එහිදී මිලිමීටර 150 කට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල හෙට සවස දෙකෙන් පසුව වැසි ඇතිවිය හැකි බවද අදාළ නිවේදනයේ දැක්වුණා.

ඊයේ රාත්‍රියේ කලවාන ඇතුළු ප්‍රදේශවලට ඇද හැලූණු අධික වර්ෂාව හේතුවෙන් විවෘත කළ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තවමත් වසා දමා නැහැ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අඛණ්ඩව වැසි ඇද හැලූණහොත් කැළණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලූඔය පහළ නිම්නවල ජීවත් වන ජනතාව ගං වතුර තත්ත්වයන් පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.

එසේම රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව තවදුරටත් නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button