දේශීය පුවත්

ඉදිරි පැය 24ත් ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 24 තුළදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර / දකුණ / මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකිය.

පවතින ධාරාණිපාත වර්ෂාව හමුවේ කලූ ගග මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද අත්තනගලූ ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දූනමලේ ප්‍රදේශයේදී ජල මට්ටම සුලු ගංවතුර මට්ටමක් දක්වා වැඩිවී ඇති බවත් එබැවින් එම ගංගා දෙපස වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබන්නේ.

එමෙන්ම ගාල්ල / කලුතර / රත්නපුර / කෑගල්ල සහ කොළඹ දිස්ත්‍රික් සඳහා පණවා ඇති නායයාමේ අනතුරු ඇගවීම අද පස්වරු 04 දක්වා බලාත්මක වේ.

මේ අතර අද දහවල් 12 වනතෙක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා පිටත්වීමෙන් වළකින ලෙස එක්දින හා කුඩා යාත්‍රා ධීවරයන්ට ධීවර දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබේ.

අවදානම් කාළගුණ තත්වයක් පවතින බැවින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති එක්දින හා කුඩා ධීවර යාත්‍රාවලට වහා ගොඩබිමට පැමිණෙන ලෙසයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

අයහපත් කාළගුණය හේතුවෙන් පවුල් 2428 ක පුද්ගලයන් 9853 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button