ඉදිරියටත් රටේ විදුලිය බිද වැටෙන ලකුණු – ඉහළ පෙලේ නිලධාරියෙක් අනතුරු අඟවයි
Signs of power outages in the country - a top official warns

ජාතික විදුලිය පද්ධතියේ පවත්නා අක්‍රමවත් සැලැස්ම නිසා ඉදිරි කාලයේදීත් පූර්ණ විදුලිය බිඳ වැටීම් වළක්වා ගත නොහැකි වනු ඇතැයි ලංකා විදුලිය බල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු එම මණ්ඩලයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මෙලෙස විදුලිය බිඳ වැටීම්වලට හේතු වී ඇත්තේ නිවැරදි ලෙස ආරක්ෂණ පද්ධති ක්‍රියාකර නොතිබීම, පද්ධති පාලනයේ දුර්වලතා, පුනර්ජනනීය බලශක්තිය ප්‍රමාණවත් නොවීම, වර්ෂ 2016 විදුලිය බිඳ වැටීම සිදු වූ අවස්ථාවේ කැනඩාවේ මැනිටෝබා ආයතනයෙන් ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා විදුලිබල මණ්ඩලයේ නොසැලකිල්ල බව ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා කරන්නේ.

පද්ධතිය නිසි ලෙස සැලසුම් වී තිබුණා නම් අත්වැරැද්දකින් වුවත් පද්ධතිය බිඳ වැටීමට හේතු නොවන බව ද ඔහු එම ලිපියේ දක්වා තිබෙනවා.
මේ කරුණු නිවැරැදි කර නොගතහොත් ඉදිරියටත් මෙම අනතුරුකාරී තත්ත්වයට මුහුණ දීමට සිදුවෙන බව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් ඇති බවයි වාර්තා වන්නේ.