තරු හුට පට

” ඇය ළඟ නොමැති වුවත් ඒ මතක සටහන් සහ ආදරය හිතේ තබාගෙන ජීවත් වෙනවා ” කඩවසම් නළු ඉෂාම් සම්සුදීන්

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ කාලයෙන් කාලයට ජනප්‍රියත්වයට පත්වන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් බොහෝදෙනෙකු සිටිනවා. එලෙස ජනප්‍රියත්වයට පත්වන ශිල්පීන් ශිල්පිනියන් අතරින් ළමා රංගන ශිල්පියෙකු ලෙස මීට වසර ගණනාවකට පෙරදී ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි ඉෂාම් සම්සුදීන් කියල කියන්නේ. කලකට ඉහතදී අපට රන් කෙවිට කියන සුන්දර ළමා චිත්‍රපටය තුළින් ඔහුගේ විශිෂ්ට රංගනය දැකගන්නට ලැබුණා

ඇත්තෙන්ම එදා රන් කෙවිට චිත්‍රපටය තුළින් ඔහු ලබාගත් ප්‍රේක්ෂක ආකර්ෂණය අදටත් එලෙසින්ම පවතිනවා. වර්තමානය වනවිට නව යොවුන් වියේ පසුවෙන ඔහුගේ රංගන හැකියාව අපට මෙරට ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයක් වන සිරි සිරිමල් ටෙලි නාට්‍ය තුළින්ද දැකගන්නට ලැබුණා

කොහොම නමුත් ඉතාමත් කඩවසම් තරුණයෙකු වන මොහුව අපට වර්තමානයේ ලාංකිකයන්ගේ අවධානය හිමිකරගෙන තිබෙන පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය තුළින් දැකගන්නට ලැබෙනවා. එම ටෙලි නාට්‍යයේ රිකාස් කියන චරිතයට පනපොවන ඔහු නිරූපණය කරනුයේ මුස් ලීම් තරුණයෙකුගේ චරිතයයි

ඇත්තෙන්ම පෞද්ගලික බැංකුවක සේවය කරන ඔහු මුස් ලීම් තරුණයෙකු උවත් ඔහුගේ රංගන හැකියාව අපට ඉතා ඉහළින්ම දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් වසර ගණනාවකට පසුව නැවතත් මේ ආකාරයට සිය රංගන කටයුතු ආරම්භ කර තිබෙන ඔහු මේවෙද්දී චිත්‍රපටි 5 කට මෙන්ම ටෙලි නාට්‍ය 10 කට ආසන්න ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා

කොහොමහරි ඉතින් සරල ආකාරයෙන් සිය ජීවිතය ගතකරන ඉෂාම්ට මේ දිනවල ඉතාමත් ඉහළ ඉහල ප්‍රතිචාර හිමිවෙන අතර තරුණියන්ගේද දැඩි ආකර්ෂණයක් හිමිව තිබෙනවා. ඒ කොහොම උනත් පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ආදරය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ කලකට පෙර තමන් පෙම්වතෙකු වී සිටිය බවත් නමුත් දැන් පෙම්වතෙකු නොවන බවයි

තවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වපු ඔහු කියා සිටියේ ඇය තමන් ළඟ නොමැති වුවත් ඒ මතක සටහන් සහ ආදරය තමන්ගේ සිතේ තබාගෙන ජීවත් වෙන බවයි. ඉතින් එදා ළමා රංගන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිස අද වන විට තරුණ කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ඔහුට සිය ඉදිරි කලා කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

Back to top button