විදෙස් පුවත්
ඇමෙරිකාව සතුව යුද නැවක් හදිසියේම පිපිරීමක් සිදු වෙයි

ඇමෙරිකානු යුද නෞකාවක පිපිරිමක් සිදුව තිබෙනවා.
සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවේ මෙය සිදුව ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කර සිටින්නේ.
පිපිරිමත් සමග ඇතිවූ ගින්නෙන් එහි සේවය කරමින් සිටි නාවුක හමුදා සාමාජිකයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන්.
මෙම පිපිරිමට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
නෞකාවේ නඩත්තු කටයුතු සිදුකරමින් පැවති බවත් ඇතිව තිබෙන ගින්න පාලනය කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමෙරිකානු නාවුක හමුදාව උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
Bonhomme Richard නම් මෙම යුධ නෞකාවේ දිග මිටර් 255ක්.