ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය දුන් උත්තරය

මෙරටට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීන – ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය පැවසුවේ, “අප ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කාර්ය බහුලව සිටිනවා. Alien Vs Predator වැනි ක්‍රීඩාවකට ඔබ කර ආරාධනය ගැන උනන්දුවක් නැහැ,” යනුවෙනි.
“අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි,” යනුවෙන් ද එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.
දෙරණ නාලිකාව සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ජාවකදී චීනයේ කටයුතු ඔහු විවේචනය කළේ මෙසේය.
“අමෙරිකාව නිරතුරුවම ඉදිරිපත් කරන්නේ සමාගම්, පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය, සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ. අපි එන්නේ නෑ ණය පැකේජ සමග එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රජයන් ට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්.”