දේශීය පුවත්
ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ හෙට දිවයිනට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ දෙදින නිල සංචාරයක් සදහායි. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ මෙම සංචාරයේදී පාස්කු ප්‍රහාරය මෙහෙය වු ත්රස්තයින්ගේ ඉලක්කයක් වූ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයටද පැමිණිමට නියමිතව තිබෙනවා.
ඔහු එහිදී එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය පළ කිරීමටද නියමිතයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට ඇති මාර්ගයද කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කර තිබෙනවා.