දේශීය පුවත්

ඇමති බන්දුල ගංජා අපනයනය කිරීමේ සුදානමක්

විෂ සහිත කේරළ ගංජා පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනම් කිරීම නිසා යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

ශ්‍රි ලාංකීය අපනයන කර්මාන්තය ඉදිරි දැක්ම පිළිවෙළ පෙරේදා (29 වැනිදා) කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ඇමැති බන්දුල ගුණවර්ධන මෙසේද කීය.

AV Rase

ගංජා පදනම් කරගෙන ඖෂධ නිෂ්පාදනය කර අපනයනය කළොත් සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව පර්‌යේෂණ නිබන්ධනයක් කරමින් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පවසා තිබෙනවා.

ලෝකයේ වෙනත් රටවල ගංජා විශාල ලෙස අපනයනය කරන ද්‍රව්‍යයක්.

අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ශක්තිමත් ලෙස ගැටීමට ගංජා පාවිච්චි කිරීම නිසා බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම මෙය තහනම් කර ඇති බවයි ඉතිහාසයේ කියන්නේ.

ඒ තහනම නිසා කේරළ ගංජා ගෙනැවිත් විෂ සහිතව පරිභෝජනය කරනවා.

එනිසා භාණ්ඩ විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේද කියා නැවත අලුතින් සිතා බැලිය යුතුයි.

අජිත් අලහකෝන් – අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button