දේශීය පුවත්

ඇඳිරි නීති සමයේ ජනතාවගේ විදුලි බිල ගැන රජය ගත් තීරණය මෙන්න

විදුලි බිල්පතේ සඳහන් වන ගාස්තු ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් දැරීමට රජය තීරණය කර තිබෙනවා.

ඇඳිරි නීති සමයේ විදුලි බිල් ගැටලු සම්බන්ධ පංච පුද්ගල කමිටු වාර්තාව අද (08) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා.

එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් ඔබ්බට ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කල බවයි විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාව මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබා ගැනීමටත් බොහෝ විට ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර එම යෝජනා ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අනුව කිසියම් පුද්ගලයෙක් දැනටමත් තමන් විසින් බිල්පත් වැඩිපුර මුදල් ගෙවා ඇත්නම් ඒවා ආපසු ලබා දීමට හෝ මීළÛ බිල්පතෙන් පියවීමට හෝ පියවර ගැනෙනු ඇති.

එමෙන්ම මාර්තු හා අප්‍රේල් මාස වෙනුවෙන් බිල්පත් සඳහා ගෙවීමට සහන කාලයක් ලබා දීමට ද යෝජිත අතර විදුලි බිල්පත් නොගෙවීම නිසා කිසිසේත් ම කිසිදු පුද්ගලයෙකුගේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button