මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම්හල ඉන්දියාවෙන් පැමිණි පිරිස් සමග සබඳතා පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එහෙත් එම බ්‍රැන්ඩික්ස් ඇඟලුම්හලේ සේවකයෙක් හෝ සේවිකාවක් පිටරටින් ආ අයෙකු සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න තමන්ට පැවසීමට නොහැකි බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අද උදෑසන රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.