දේශීය පුවත්

ඇගලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර තවත් ලොකුයි වෙයි

The Covid cluster in the garment factory is getting even bigger

මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 729 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එම පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 832 දක්වා ඉහල යනු ඇති.

අද දිනයේ අවස්ථා 04 කදී 220 – 246 – 139 – 124 ලෙස ආසාධිතයන් තහවුරු කරගැණුනා.

මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 4242 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේදී මේ දක්වා හඳුනාගත් ආසාධිතයන් 729 දෙනාද සමගයි.

ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් වනවා.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එක් දිනයකදී තහවුරු කරගත් වැඩිම කොවිඞ් ආසාධිතයන් ගණනද එයයි.

මේ වනවිට මිනුවන්ගොඩ කොරෝනා පොකුර 832 දක්වා වැඩි වී තිබෙනවා.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමන් සිටින සංඛ්‍යාව 963 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button