තරු හුට පට

ආසාවට හාවෝ දෙසීයක් ඇති කරපු නිළිය මෙන්න

හරි අහම්බයකින් රංගනයට එන්නට වරම් ලබපු, දෙරණ නාලිකාවේ විකාශනය වුණු, “දෙවනි ඉනිම” ටෙලි සිත්තමේ හරි අපූරු චරිතයක් තමයි “සහේලි” කියලා කියන්නේ.

ඉතින් “සහේලි” ට හරි අපූරුවට රංගනයෙන් දායක වුණු ඇය තමයි, සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත්, නිබඳවම හිත්වල රැවුපිලි රැවු දෙන යොවුන් පරපුරේ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක වන එමාෂා සෙනවිරත්න කියලා කියන්නේ.

ඔන්න ඉතින් බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ගමක උපන් එමාෂාගේ “පුංචි කාලේ ඉදන්ම තිබ්බ ආසාවක්” තමයිලු නිලියක වෙන එක. ඉතින් එමාෂා ඇගේ පාසල් අධ්‍යාපන කටයුතු හොඳින් අවසන් වුණාට පස්සේ තමයිලු රංගනයට පිවිසෙන්නේත්.

ඒ වගේම විදේශගතවෙලා උපාධිය කරන්නට හිටපු එමාෂා “දෙවනි ඉනිම” නිසා ලංකවේම ඉන්න තීරණය කලාලු. ඉතින් “දෙවනි ඉනිමේ” රඟපාන ගමන්ම ඇගේ උපාධියත් කම්ප්ලීට් කරගත්තාලු.

බදුල්ල විහාරමහාදේවි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ එමාෂා පසුව, මහනුවර හයිජ්ස්කූල් එකෙන් ලු උසස් පෙළ දක්වා ඉගෙන ගෙන තියෙන්නේ නම්.

ඔන්න ඉතින් එමාෂාගේ බාල සහෝදරයා නම්, කලාවට සම්බන්ධකමක් දක්වනවා වගේම, බදුල්ලේ ඉදන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපන කටයුතු හදාරන්නට කියලා කොළඹට එද්දී වගේම ඇගේ සුන්දර ඡායාරූප පෙළක් දැකලා තමයිලු එමාෂාට “දෙවනි ඉනිම” ට රඟපාන්න අපූරු අවස්ථාව ලැබිලා තියෙන්නේ.

ඒ වගේම “දෙවනි ඉනිම” තමයි, එමාෂා ගේ පළවෙනි ටෙලි නාට්‍යය රංගනය වෙන්නේත්. ඉතින් එමාෂා නම් කියන්නේ, “හිතපු නැති විදියට ඇයට “දෙවනි ඉනිමේ” “සහේලි” ගේ අපූරු රංගනය වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා” කියල.

 

ඔන්න ඉතින් ඔයාලා දන්නවාද?

එමාෂා පළවෙනියටම රඟපාලා තියෙන්නේ කා එක්ක ද කියලා. ඒ රවීන් කණිෂ්ක රංගන ශිල්පියා එක්ක තමයි එමාෂා පළවෙනියටම රඟපාලා තියෙන්නේ නම්.

ඉතින් ඒ දර්ශන තලය තිබිලා තියෙන්නේ කොහොද දන්නවාද?

එමාෂා ගෙඩාක් ආදරය කරන මහනුවර ප්‍රදේශයේ තමයි තිබිලා තියෙන්නේ නම්. ඉතින් එමාෂා කියනවා ඇය ගොඩාක් ආසවෙන් නරඹපු නාට්‍යයක රඟපාන්න ලැබුණ එක ඇගේ පෙර පිනක්” කියලා.

ඔන්න එමාෂා තාම නම් ඉතින් පෙම්වතෙක් ගැන හිතල නෑ ලු. ඒ වුණාට ඇයට කොල්ලොන්ගෙන් ආදර බැල්ම නම් වැටෙනවාලු. ඉතින් “තාම නම් ආදරවන්තයෙක් ගැන හිතලා නෑ කියලත්, තනියෙන් ඉන් එක හොදයි වගේ නේ” කියලත්, මේ අපූරු කලාකාරිය එමාෂා සෙනවිරත්න හරි අපූරුවට තමයි කියන්නේ.

ඔන්න ඉතින් එක එක විදියේ විදියේ බලු පැටවුන් 4දෙනෙක්ම එමාෂාට ඉන්නවාලු. ඉතින් එමාෂා සුරතල් සතුන්ට හරිම ආදරෙයිලු. ඔන්න ඉතින් ඉස්සර නම් “හාවෝ” 200ක් විතර හිටියාලු,

ඒ එමාෂා එහෙම ගමනක් ගිහින් එනකොට ගොවිපලක පන පිටින් මසට විකුණන්න හාවෝ ටිකක් දාලා හිටියාලු. ඉතින් එමාෂා ඒ හාවෝ ටික මුදල් වලට ගෙනනල්ලා තියනවා. ඉතින් එමාෂා කියනවා, “ගෙනාපු හාවෝ 200ක් වගේ ඔන්න ඉතින් බෝ වුණා” කියලා.

Back to top button