දේශීය පුවත්
ආසාධිත වාර්තා වන කලාපවලට සංචරණ සීමා පනවන ලෙස GMOA ඉල්ලයි

නව කොරෝනා වෛරසය දෙවන රැල්ලක් ලෙස රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා කොරෝනා ආසාධිතයන් වාර්තා වන කලාපවලට සංචරණ සිමා පනවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු කියා සිටියේ රෝගීන් සිටින කලාප වලින් රෝගීන් නොමැති කලාපවලට රෝගීන් නොමැති කලාප රෝගීන් ගමන් කිරීමේදී මේ හරහා නවතා ගත හැකි බවයි.

සාමාන්‍ය සමාජයේ රෝගීන් සිටිනවාද යන්න සොයා ගැනීම සඳහා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය වන බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.