දේශීය පුවත්

ආසාධිතයෙකු වාර්තා වූ පමණින් වෙළඳසැල් හෝ ආයතන දිගු කාලයකට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ

කොරෝනා අසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතුවූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ එවැනි ස්ථාන විෂබීජහරණය කිරීමෙන් පසු දින කිහිපයකින් යළි විවෘත කිරීමට හැකි බවයි. කොරෝනා ආසාදිතයෙකු හෝ ආශි‍්‍රතයෙකු වාර්තා වන පොලිස් ස්ථාන ඉන්පසුව අනුගමනය කරන පිලිවෙත ඊට කදිම නිදසුනක් බව ද යුද්ධ හමුදාපතිවරයා කියා සිටියා.

කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතුවූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීම හේතුවෙන් සේවා සපයා ගන්නා ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වූ අවස්ථා ඉකුත් දින කිහිපයේම වාර්තා වුණා. එමෙන්ම එය රටේ ආර්ථිකයට බලපෑමක් බවයි විශ්ලේෂකයින් ද පෙන්වා දුන්නේ.

Source : Neth News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button