දේශීය පුවත්
ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක්

2021 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අළුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්යයාතන බලපත්‍ර අළුත් කිරීම නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව කල් දමා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ හමුදා සම්බන්ධීකරණ නිලධාරී, හමුදා ප්‍රකාශක/අධ්යක්ෂ ලුතිතන් කර්නල් අයි.සී.එන්. ගුණතිලක මහතා මේ බව සඳහන් කළේය.
රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයට සේවා ලබාගැනීමට පැමිණෙන මහජනතාව සීමා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.