ආරක්ෂක අංශ පිරිසක් විල්පත්තුවේ සංචාරක බංගලාවක ඩෙගා නටයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මහවැව සංචාරක බංගලාවේ නවාතැන් ගැනීමට පැමිණි පිරිසක් විසින් කලහකාරී ලෙස හැසිරීමෙන් රජයේ දේපළ රැසක් විනාශ වී ඇතැයි වනෝද්‍යාන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඊයේ (18) රාත්‍රිය ගතකිරීමට පැමිණි ආරක්ෂක අංශ වලට සම්බන්ධ පිරිසක් මහවැව සංචාරක බංගලාවේ මුරකරුට හා ස්වේච්ඡා මාර්ගෝපදේශකයාට පහර දීමෙන් පසුව ආරක්ෂාව පතා ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ එහි නිලධාරීන්ට වාර්තා කර තිබෙනවා.
පසුව පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අද (19) උදෑසන වනෝද්‍යානයෙන් පිටව යෑමට පැමිණි අවස්ථාවේ දී උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු රත්නායක හට ද තර්ජන කර ඇති බව සඳහන්.
පසුව යුද හමුදා පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව යුද හමුදා පොලිසිය පැමිණ ගැටුමට මුල් වූ ආරක්ෂක අංශ නිළධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිට ඔවුන් නොච්චියාගම පොලිසියේ කටඋත්තර ලබාදීම සටහන්කර ගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.
මහවැව සංචාරක බංගලාවේ පිගන් ඇතුළු ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුවී ඇතැයි විල්පත්තු වනෝද්‍යාන ආරංචි මාර්ග පෙන්වාදෙනවා.