දේශපාලන පුවත්

ආනවිළුන්දාව සිද්ධියේ ප්‍රධාන සැකකරු ජගත් සමන්ත රිමාන්ඩ්

Jagath Samantha remanded as the main suspect in the Anavilundawa incident

ආරච්චිකට්ටුව ආනවිලූන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට අනුබල දුන් බවට සැකකරන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා අද 22 අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව හලාවත මහේස්ත‍්‍රාත් ඞී. ඒ. ඒ. බුද්ධදාස මහතා විසින් මේ මස 24 දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය.

ඉකුත් 2020. 08. 25 දින ආනවිලූන්දාව රැම්සා තෙත් බිමට නීතිවිරෝධීව ඇතුලූවි අනවසරයෙන් එහි බිමි කොටසක් ඩෝසර් කර ඉස්සන් පොකුණු සෑදු ව්‍යාපාරිකයෙකු සහ ඩෝසර් ක‍්‍රියාකරවන්නෙකුට මෙම නීතිවිරෝධි ක‍්‍රියාව සිදුකිරීමට අනුබලදුන් බවට සහාපතිවරයාට පවරා ඇති චෝදනාවයි.

AV Rase

ව්‍යාපාරිකයා සහ ඩෝසර් ක‍්‍රියාකරු ඩෝසරය සමග ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඉකුත් 2020. 08. 28දා අත්අඩංගුවට ගනුලැබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිට ඉකුත් 2020. 09. 18 දින රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇපසහ තවත් ඇප කොන්දේසි 3ක් මත ගරු අධිකරණය විසින් ඇප ලබාදෙන ලදි.

විත්ති පක්ෂය වෙනුවෙන් තරංග දිසානායක, චින්තක කරණාරත්න ප‍්‍රසන්න හිලරි සහ රුවන් ප‍්‍රනාන්දු යන නීතිඥවරුන් පෙනීසිටි අතර පැමිණිලි පක්ෂය වෙනුවෙන් ආච්චිකට්ටුව පොලිස්ථානාධිපතිවරයා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button