දේශීය පුවත්
ආනවිලුන්දාව සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට සහ බැකෝ ක්‍රියාකරුට ඇප
Businessman and backhoe operator arrested in Anavilundawa incident released on bail

පුත්තලම ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් අනවසරයෙන් එළිපෙහෙලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සහ ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර තිඛෙනවා.
රුපියල් කෝටිය බැගින් වූ පුද්ගල ඇප 2ක් මත සැකකරුවන් මුදා හැරීමටයි හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේ.

සෑම ඉරිදා දිනකම හලාවත පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බවට ඇප කොන්දේසියක්ද පැනවුණා.
ආනවිලුන්දාව අභය භූමියේ සිදුව ඇතැයි කියන පරිසර විනාෂය පිළිබඳව සවිස්තරාත්මක සාක්ෂි සම්පින්ඩනයක් අධිකරණය හමුවේ ගොණුකරන ලෙසත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිටියි නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා පොලිසියට නියෝග කළ බවයි නිවුස් රේඩියෝ වාර්තාකරු කියා සිටියේ.