දේශීය පුවත්

ආනවිලුන්දාව ඩෝසර් කළ සිද්ධියේ සැකකරු අද අධිකරණය හමුවට

අන්තර්ජාතික රැම්සා සම්මුතියට අනුව තෙත් බිම් කළාපයක් ලෙස නම්කර ඇති ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් එළිපෙහෙලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු අද (29) අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

සැකකරුගෙන් සිදුකර ඇති ප්‍රශ්ණකිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක කරමින් පවතී.

ආනවිලුන්දාව අභය භූමියට අයත් හෙක්ටයාර 0.6 යි 9 යි 7 ක් කිසියම් පිරිසක් විසින් අනවරයෙන් එළිපෙහෙලි කර ඇති අතර මෙම සිද්ධිය වනජීවි නිළදාරින් වෙත වාර්තාවී ඇත්තේ පසුගිය 26වනදායි.

පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ ඉස්සන් වගාවක් සඳහා කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් මෙම භූමිය එළිපෙහෙලි කර ඇති බවය.

ඇතැම්විට දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමක්ද මීට තිබිය හැකි බවට පරිසර සංවිධාන සැක පල කෙරේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button