2011 ලෝක කුසලානය ගැන අසත්‍ය තොරතුරු කී මහින්දානන්දට වසර 3ක සිරදඬුවමක් ලැබෙන ලකුණු !

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගය ඉන්දියාවට පාවා දී ඇතැයි කියමින් සිදු කරන ලද සාවද්‍ය පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රීඩා පනතේ අලුත් සොංශෝධන අනුව 13 වැනි වගන්තිය යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට නඩු පවරා එයට වරදකරු කොට වසර 3 කට සිරගත කළ හැකි බව නීතිවේදියෝ පෙන්වාදී තිබෙනවා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් මහින්දානන්ද මහතාට එරෙහිව නඩු පැවැවරිය හැකි ආකාරය පිළිබඳව කළ සොයා බැලීමකදී මේ බව හෙළිව ඇතැයි ක්‍රිකට් කේෂ්ත්‍ර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ.
මේ අතර, මහින්දානන්ද විසින් ඉදිරිපත් කරන ලද තර්ක හා ලේඛන සාවද්‍ය ඒවා බව කුමාර සංගක්කාර හා අරවින්ද ද සිල්වා විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ දූෂන විමර්ශන ඒකකයට ලබාදුන් ප්‍රකාශ අනුව මේ වන විට තහවුරුව තිබෙනවා.
මහේල හා සංගාට මෙවැනි චෝදනාවකට මුහුණදීමට සිදුවූයේ හෝමාගම ක්‍රිකට් ක්රිඩාංගනයක් ඉදිකිරීමට කරන ලද සාකච්චාවේදී සුරියවැව ක්‍රිඩාංගනයට වියදම් කල මුදල හා එයට දැනට අත්ව ඇති ඉරණම ප්‍රසිද්ධියේ විවේචනය කිරීම බවට ද ක්‍රීඩා ක්ෂේත්රයේ සැකයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.