දේශීය පුවත්

අවුරුදු 8ක දරුවෙක් ගලේවලදී අභිරහස් ලෙස මියයයි

ඝාතනය කරන ලද අවුරුදු 8 ක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී හමුව ඇත.

ගලේවෙල පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මලසිරුර සොයාගෙන ඇති අතර මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මව් සෙනෙහස අහිමි වූ ඥාති නිවසක හැදී වැඩුණු සනුජ පෙරේරා නැමැති කුඩා දරුවෙකි.

රෙදි කැබැල්ලකින් ගෙළ සිර කොට මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

මෙලෙස මියගොස් ඇති දරුවාගේ මව කලකට ඉහතදී ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බව අනාවරණ වී ඇති අතර දරුවාගේ පියාගේ ඥාතියෙකුගේ නිවසක දරුවා නවාතැන්ගෙන සිට ඇත.

මෙම දරුවා එම නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයක් අසලට යෑමෙන් අනතුරුව අතුරුදන්ව තිබේ.

පසුව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීම ආරම්භ කර ඇති අතර එහිදී දරුවාගේ සිරුර අසළ පිහිටි ඇළ මාර්ගයේ තිබී හමුවීමෙන් අනතුරුව ගලේවෙල රෝහලට රැගෙන ගොස් ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ දරුවා මියගොස් ඇති බවය.

දරුවා පදිංචිව සිට ඇති නිවස ඉදිරිපිට කොටස විවිධ උත්සව අවස්ථාවන් සඳහා ඉඩ පහසුකම් සපයන ස්ථානයක් බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

දරුවා ඝාතනය වූ බවට සැකපළ කරන ස්ථානයේ තිබී හෙරොයින් මත් කුඩු භාවිතා කළ සුන්බුන් රැසක් ද දැක ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

කෙසේවෙතත් දරුවා අපයෝජනය කිරීමෙන් අනතුරුව ඝාතනය කර ඇතැයි යන්න සොයාබැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම දරුවා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නොමැති අතර ගලේවෙල පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button