ගොසිප් පුවත්

අවුරුදු 18 තරුණියක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වූ හැටි

ඉන්දියාවේ නව දිල්ලි නුවර වාසය කරන වයස අවුරුදු 18ක් වන චේතන්‍යා වෙන්කටේෂ්වරන් 11දා දිනයේදී එක් දවසක් සඳහා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ලෙස පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් පවත්වන තරඟයක් වෙත සහභාගිවී ඉන් ජයගැනීමත් සමගින්ම ඇයට මෙම අවස්ථාව උදා වී ඇති බවයි සඳහන් කරන්නේ.
“High Commissioner for a Day” ලෙස 2017 වසරේදී ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මඟින් මෙම තරඟය ආරම්භ කර ඇති අතර ඔක්තෝම්බර් 11 වැනිදාට යෙදෙන ගැහැණු ළමයින් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මෙය සංවිධානය කර ඇති බවත් සඳහන්.
ඒ හරහා අවුරුදු 18ත් 23ත් අතර වයසේ පසුවන ඉන්දියානු තරුණියන්ට ලෝක නායකයෙකු බවට පත්වීම සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව උදාකරදීම අරමුණ වී තිබෙනවා. ඒ අනුව මේ වසරේදී එම තරඟයෙන් ජයගත් චේතන්‍යා ඔක්තෝබර් 12දා දිනයේ මෙලෙස දිනයකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය බවට පත්ව කළ බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
Source : HiruGossip

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button