දේශපාලන පුවත්

දියවන්නාවේ හොර වැඩ, දුෂණ ගැන රටට හෙළි කරන්න අලුත් වෙබ් අඩවියක් ආරම්භ කරයි

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 225 දෙනා සම්බන්ධයෙන් විශේෂ වෙබ් අඩවියක් ආරම්භ කිරීමට ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අවධානය යොමුව තිබෙනවා.

එහි සම්බන්ධීකාරක මංජුල ගජනායක සඳහන් කළේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් යමෙක් වංචා, දූෂණ ක්‍රියා සිදුකළහොත් ඔවුන්ගේ වංචා, දූෂණ ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා මෙම වෙබ් අඩවිය යොදා ගන්නා බවයි.

AV Rase

අදාළ වෙබ් අඩවියේ මුලික අදියර නව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත්වී මාස 6ක කාලයක් තුළදී ඔවුන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරගෙන ඇරඹීමට නියමිතයි.

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් අනතුරුව වෙබ් අඩවිය මගින් මන්ත්‍රීවරුන් ගැන ප්‍රකාශ කෙරෙන කරුණු පිළිබඳ මන්ත්‍රීවරුන්ටද අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button