අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය ලබන 20 වනදා පාර්ලිමේන්තුවට

අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එදින පස්වරු 3.00 ට ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකෙරෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනය කලේ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී නව කථානායකවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ඔහු පිළිගැනීමට නියමිතයි. ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඉන් අනතුරුව සිදු කෙරෙනු ඇති.
මේ අතර ලබන 20 වැනිදා පෙරවරු 9 යි 30 ට අභිනව පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී පළමුව සිදු කෙරෙන්නේ නව කථානායකවරයා තෝරාපත් කර ගැනීමයි.
ඉන් පසු මන්ත්‍රීවරු දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරෙන අතර නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.
අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ප.ව 3.00 දක්වා කල්තබන බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනය කළා.