ගොසිප් පුවත්

“අලුත් ආණ්ඩුවේත් සතුරු බලවේග ඉන්නවා” – විමල් විරවංශ

නව ආණ්ඩු බලවේගය තුළ පවා සතුරු බලවේග වෙස්මුහුණු පැළඳගෙන සිටිය හැකි බව බවත් ඒ ගැන අවධානයෙන් සිටිය යුතු බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ බොහෝ දෙනාගේ වෙස්මුහුණු ගැල වීමට නියමිතව ඇතැයිද ඔහු පැවසීය.

නව ආණ්ඩුවක් බිහි කළ පමණින් ඡන්දදායකයන්ගේ විද්වතුන්ගේ වගකීම අවසන් වී නැතැයිද ඒ මහතා කියා සිටියේය.

ඔහු එම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button