දේශීය පුවත්
අර්බුදය ඔඩු දුවයි…වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විශ්‍රාම යාමේ තීරණයක (Video)

තමන්ට එල්ල වන බලපෑම් හමුවේ නුදුරු දිනකදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට පවා සිදු විය හැකි බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
අන්තර්ජාල යූ ටියුබ් නාලිකාවක් සමග කළ සංවාදයකදී ජයරුවන් මහතා මේ බව අනාවරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර දැරුවත් ප්‍රවෘත්ති සාකච්චඡාවක් හෝ පැවැත්වීමට බලයක් නොමැති බව පෙන්වාදෙන ජයරුවන් මහතා චෝදනා කර සිටින්නේ එක්තරා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමාට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වූ බවය.
රටතුල ජාවාරම්කාර ඖෂධ මාෆියාවක් සිදුවන බවත් එවැනි කටයුතු වලට තම සහයෝගය නොලැබී යාම ද මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවීමට ආසන්න හේතුවක් බව ජයරුවන් මහතා අවධාරණය කර සිටියි.