අයිස් සමග ඇල්ලූ සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ

අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 125 ක් සමග පුත්තලමේදී අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ අදාළ සුරාබදු නිලධාරියා ස්ථිර සේවයට බඳවාගෙන නොමැති, පරිවාස කාලයේ සේවය කළ අයෙකු බවයි.
එම නිලධාරියා පසුගිය වසරේදී කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානයට අනුයුක්තව සිට වැඩ තහනම් වී, ඉන් පසුව වව්නියාව සුරාබදු ස්ථානයේ නැවත සේවයේ පිහිටුවන ලද අයෙකු බව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.
එමෙන්ම ඔහුට වව්නියාව සුරාබදු ස්ථාන බල ප‍්‍රදේශයෙන් බැහැරව කිසිදු රාජකාරියක නිරත වීමට බලය පවරා දී නොතිබූ බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
සැකකාර නිලධාරියා ඉකුත් 19 වනදා සිට අසනීප නිවාඩු පිට සේවයෙන් බැහැරව සිට ඇති බව ද වාර්තා වී තිබෙනවා.
මේ අතර, පසුගිය ජුනි මස 16 වනදා සිට අද දහවල් 12.30 දක්වා දින 38 ක කාලය තුළ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 20,371 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ හෙරොයින් සමග සැකකරුවන් 11,480 දෙනෙකු, ගංජා සමග සැකකරුවන් 8,229 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 662 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 14 ක්, ගංජා කිලෝ 695 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 04 ක් පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, අදාළ කාල සීමාව තුළ නීතිවිරෝධී මත්පැන් ලීටර් පන්ලක්ෂ 716 ක් සමග සැකකරුවන් 19,107 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.