ගොසිප් පුවත්

අයියා නැතිවුනේ බීමත්කමින් නෙවෙයි, මගෙ හදවතට දැණුනේ කියාගන්න බැරි දුකක්, තරහක් – ගායන ශිල්පී ප්‍රින්ස්ගේ නැගණිය මුහුණු පොතෙන්ම දුන්නු උත්තරේ මෙන්න

“සීගිරියේ කුරුටු ගීත”, “සුළඟට හාදු තියන්න”, “පෙම් සිත රිදුණා රත්තනේ..”, “පෙම්වතුන් සිනාසේ” වැනි අතිශය ජනප්රිය ගීත රාශියක හිමිකරු වූ “ප්රින්ස් උදය ප්රියන්ත” ගායන ශිල්පියා අපෙන් සමුගෙන දැන් වසර තුනකට වැඩිය ගතවෙලා..
 
ඉතින් හදසියේම ඔහු ගැන මුහුණු පොතේ සංවේදී සටහනක් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා. ප්රින්ස්ගේ මුහුණු පොතේ මේ සටහන ලියලා තිබුණේ ඔහුගේ නැගණිය විසිනුයි.
 
රසිකයෙකු ප්රින්ස් ගැන, අහපු ප්රශ්නයකට ඇය ලබා දුන්නූ පිළිතුරයි මේ…


ඔබේ හද දිනූ…ජනප්රිය ගායක ප්රින්ස් උදය ප්රියන්ත මහතා ..මගේ දයාබර අය්යා..මියගොස් දැන් අවුරුදු 3 කට වැඩි..ඒත් අද , මට අය්යාගේ රසිකයෙක්ගෙන් මැසේජ් එකක් ඇවිත්..ප්රින්ස් අය්යානැති වුනේ බීමත් කමින් නේද කියලා..මගෙ හදවතට දැනුනෙ කියාගන්න බැරි දුකක්..සහ තරහක්..මේ කට කතාවට උත්තර දෙන්න තීරණය කලේ ඒ නිසා..මගෙ තාත්තා,මගෙ අම්මා දෙන්නම මියගියේ විශබීජ ආසාදනයකින්..ඒක බැක්ටීරියා ආසාදනයක්..අවසන් කාලයේදී මගේ අය්යාටත් උණ ,පාචනය වගේ දේවල් නිතර නිතර එත්දි අය්යා ,ඒ තරම් සැලකිල්ලට ගත්තෙ නැහැ.ඒකෙන් සිදුවුනේ..ඒ බැක්ටීරියා ආසාදනය එයාගෙ මොලයට හානි කරලා එයාට අංශබාගය තත්ත්වය ට පත්වුන එක.අය්ය ට වැළදී ඇත්තේ එන්සෙෆලයිටිස් රෝගය බවට විනිශ්චය වුනා.ප්රතිජීවක එන්නත් වරින් වර දුන්නා.. ආසාදනය වරින් වර ආවා..අන්තිමේ මගෙ අය්යා ඔටෝ ඉමියුනි එන්සෙෆලයිටිස් කියන තත්වයට පත්වුනා.ඒකට අවශ්ය මිල අධික ඉන්ජෙක්ෂන් වලට ලක්ශ ගණන් වියදම් කලා.ඒත් අන්තිමේ මගෙ අය්යට නිව්මෝනියාව වැළදුනා..අය්යා මරණ සහතිකයේ තිබුනේ නිව්මෝනියාව සහ ඔටෝ ඉමියුනි එන්සෙෆලයිටිස් වලින් සිදු වූ මරණයක් බව..මගේ අහිංසක අය්යා බීමෙන් නැති වූ බව පවසමින් අපහාස කරන අය දැන්වත් එය නවතා දමන්න..බීමෙන් අසනීප වූවා නම් මගේ වකුගඩුවක් නැත්නම් අක්මා කොටසක් දී හෝ අදටත් අය්යා ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබුනා..ඒත් කොරෝනා වට අප අසරණ වූ පරිදිම බැක්ටීරියා වකට මගේ අය්ය බිලි ගැනීමට පුලුවන් වුනා..මෙහි අවසානයක් නැති බව පෙන්වමින්..පහුගිය මාස ගානකට කලින් මට අසනීප වීමෙන් පසු කල වෛද්ය වාර්තා වලින් ඔප්පු වූයේ මටද ඒ බැක්ටීරියා ආසාදනය වී ඇති බවයි..අය්යට තරම් හානි නොවී දැන ගැනීමෙන් මට ප්රතිජීවක එන්නත් කල අතර වරින් වර නැවත නැවත මට අදද එම ආසාදනය ශරීරය තුල ඇති අතර අවුරුදු 22වූ විශ්වවිද්යාලයීය අධ්යාපනය ලබන මගේ පුතාට ද මෙම බැක්ටීරියා ව ශරීරගත වී ඇත.පවුලක් විනාශයට මෙම බැක්ටීරියා ආසාදනය හේතු වී ඇත..මා ඉතා වේදනාත්මකව මෙම සටහන් තබන්නේ..ඉතා අහිංසක ව ,නිහතමානීව ජීවත් වූ මගේ එකම අය්යා ගේ ගරුත්වය උදෙසා වන අතර යමෙකුට අපහාස කිරීමට පෙර ඔහු ගැන සොයා බලා එය නොකලහොත් ඔබ කරන්නේ මහා පාප කර්මයක් බව ඒත්තු ගැන්වීමටයි..
 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button