විදෙස් පුවත්
අමෙරිකාව චීනය අවුස්සයි – ඩොලර් බි 1.8ක ආයුධ තායිවානයට

ඩොලර් බිලියන 1.8ක් වටිනා අවි ආයුධ තොගයක් තායිවානයට විකිණීමට අමෙරිකාව සැරසෙයි. මේ හේතුවෙන් චීනය සමග ඇති ගැටලු තවත් වර්ධනය වියහැකි බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.
පෙන්ටගනය පැවසුවේ එම අවි ගනුදෙනුවට ආයුධ පද්ධති 3ක්, රොකට් ලෝන්චර්, සෙන්සර් සහ කාලතුවක්කු අයත් බවය.

චීනය සහ තායිවානය අතර වසර ගණනාවක් පුරා නොහොඳ නෝක්කාඩුවක් පවතී. චීනය, තායිවානය සළකන්නේ ඔවුන්ට අයත් ප්‍රාන්තයක් ලෙසය.
දෙරට අතර ඇති විසන්වාදීත්වය මෑතක සිට ඉහළ ගොස් ඇති අතර එම දිවයින නැවත ලබාගැනීමට බලය පාවිච්චි කිරීමට ඇති හැකියාව ද චීනය ප්‍රතික්ෂේප නොකරයි.