දේශීය පුවත්

අමාත්‍යාංශ රාජකාරි සඳුදාට පෙර අරඹන්නැයි ජනපතිගෙන් නියෝග

සිය ආයතනවල රාජකාරී කටයුතු ලබන සඳුදාට (17) පෙර භාරගන්නැයි ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

එක් එක් අමාත්‍යංශය පිහිටි ස්ථාන ඇමැතිවරුන්ගේ කාර්යමණ්ඩල වලට වෙන්වන පහසුකම් වාහන ආදිය ඇතුළත් විස්තරයක් කැබිනට් ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් යවා ඇතැයි ද වාර්තා වනවා.

මෙම විස්තර වාර්තාව ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් ඊයේ (12) දිවුරුම් දුන් අවස්ථාවේදී ඔවුන් අතට පත් කර ඇති බවද දැනගන්නට ඇත.

අජන්ත කුමාර අගලකඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button