දේශීය පුවත්
සංගමන්කන්ද මුහුදට ආසන්නයේ ඉන්ධන රැගත් විදෙස් නෞකාවක් ගිනි ගනී

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 40ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.
“MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙන බවයි නාවික හමුදාව පැවසුවේ.
මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කළේය.
මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බවය නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.