අමද්‍යප දිනේ නිසා අද සුරාසැල් වසා දැමේ
Liquor stores will be closed today due to Temperance Day

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක මත්පැන් සිල්ලරට විකිනිමේ සියලූම සුරාසැල් අද වසා දමා තිබෙනවා.
සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමටද දිවයින පුරා පිහිටි සියලූම සුරාබදු ස්ථානවලට උපදෙස් දී ඇති බවයි සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
මෙම කාල සීමාව තුලදී සමස්ත දිවයිනම ආවරනය වන පරිද්දෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැලැක්වීම සඳහා ද නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ද සියලූ සුරාබදු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ වෙනුවෙන් දිවයින පුරා සුරාබදු ස්ථාන 56 කට අනුයුක්තව සේවය කරන සුරාබදු නිලධාරීන් 900 ක් පමණ ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම නියමයන් කඩ කරන පාර්ශව වෙතොත් 1913 දුරකථන අංකය අමතා තොරතුරු ලබාදෙන ලෙසටයි සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.