අභිනව කැබිනට් මණ්ඩලය 26කට සිමා කරන්න ජනපති තීරණය කරයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, අමාත්‍ය මණ්ඩලය 45 දක්වා ඉහළ දැමීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමිවන බලය අත් හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, නව අමාත්‍ය මණ්ඩලය 26 දෙනෙකුට සීමා වනු ඇත.
ඒ නමුත්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු විශාල සංඛ්‍යාවක් පත් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ද පැවසේ.
මෙසේ පත් කරනු ලබන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිශ්චිත වගකීම් සම්භාරයක් පැවරෙන අතර, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 නො ඉක්මවනු ඇති බවටද වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රී ධූර 145 ක් ලැබී අතර, ඊපීඩීපී ආසන දෙකත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරගකර ලබා ගත් එක් ආසනයත්, ජාතික කොන්ග්‍රසය ලබා ගත් එක් ආසනයත්, තමිල් මක්කල් විදුතලෙයි පුලිකල් පක්ෂය ලබා ගත් එක් ආසනයත් සමග තුනෙන් දෙකක බහුතර බලය පාර්ලිමේන්තුව තුල ස්ථාවර කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.
සන්ඬේ ටයිම්ස් මුල් පුවත ඇසුරෙනි.